තවත් අප දරුවෙකුග්ර් පැනයක් වුයේ පෙර බ්ලොග් පිටුවෙහිම අන්තර්ගත 97 ගැටලුවයි .
මෙහිදී බොහෝ දරුවන් බලරුපසටහන ගොදනගිමෙහි ලා හෙම්බත්වන කරුණු කිහිපයකි.බොහොදරුවනට බෝම්බසයෙහි ජ්‍යාමිතිය ගැනද කිසිදු අවබෝදයක් නැති සැටියි .සමාන්තරාස්රහිම විශේශිට වූ පාද හතර එකිනෙකට සමානව විකර්ණ එකිනෙකට ලම්භකව සමච්චේදනය වන මුත් එය සමචතුරස්රයක මෙන් එකිනෙකට සමාන නොවෙයි .ඊසමගාමිව සිදුවන තවත් ජ්‍යාමිතික ලක්ෂණ නම් විකර්ණා මගින් කොන සමචේදනය වීමයි මෙය නොදනී නම් බල රුපසට හඬෙහි කොන ලකුනුකිරිම සිහිනයක්ම වනු ඇත .AC විකරණය යටි අත සිරස සමග තිඉට කෝණයක් සාදන බව විශේෂයෙන් කියා ඇත .ආස්තරය ඒකාකාර බැවින් විකර්ණ චේදනය වන ලක්ෂය ඔස්සේ සිරස්ව පහලට ක්රියාරෙකාව වන බව දත යුතුය .එසියල්ල අවබෝදකරගත් කල බොහොයවලුන්ට පවසා ඇති පරිදි එකිනෙකට b දුරකින් එකමතිරස් මට්ටමක වූ සුමට නැති දෙක මත රෝම්බසය නැංවීම අපහසු සැටියි .බොහෝ දෙනා අභිලම්භ ප්‍රතික්‍රියා දෙකඩ රෝම්බස්යෙහි කේන්ද්‍රය ඔස්සේ යායුතුයි සිතයි. ඒකතල බල තුනක් යටතෙහි ආස්තරය සමතුලිතවන බැවින් අවශ්‍යතාවය අභිලම්භ ප්‍රතික්‍රියා හටගැනීමට වූ නිතිය අනුගමනය කරමින් බලතුන ඊක ලක්ෂවිමයි .ඉහත ආකාරයට ලාමිගේ ප්‍රමේය දීමෙන් අභිලම්භ ප්‍රතික්‍රියා දෙකඩ A ලක්ෂය වටා රෝම්බසයෙහි සමතුලිතතාවය සැලකීමෙන් ඝුර්ණ ගැනීමෙන් a සම්බන්ධකල හැක තවද ලම්භක දුර ඉහත දක්වා ඇති ත්‍රිකෝණය මගින් b ට සම්බන්ධකරමින් පහසුවෙන් ප්‍රකාශනය සාධනය කල හැක .මෙහි අවසන් අවශ්‍යතාවය ලබාගැනීමේදී ඔබ දැන් පවතින සාධාරණ අවස්තාව වෙනස්වියහැකි ආකාරය ගැන මෙනෙහි කල යුතුය .ඉතින් මෙයම භාවනාවක්ම නොවේද .ඒසී දකින කල නනාදැති නොවෙනස් විය යුතුය බර ක්‍රියා රේඛාව නිතැතින් සිරස්ව පවතී,(මේ පිලි බැඳ වෙනම ලිපියකා උදාහරණ සහිත ප්‍රක්ෂිප්ත සහ ගුරුත්ව කේන්ද්‍ර ගැටළු සහිතව පෘථිවි වක්රතාවයද සලකා විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි අපදන්නා වෘත්ත පාද වලට අතිරේක තරමක් සංකීර්ණ බහුවලික හා ගෝලීය ත්‍රිකෝණමිති පවතී අප තවම විෂය නිර්දේශය තුල අධ්‍යනය කරනුයී තලයක් තුල පමණි )එවිට AC අක්ෂය යටි සිරස සමග කෝණය ශුයයේ සිට 90 -ඇල්ෆා අතර විචලනය විය හැකි නොවේද .දැන් අසමානතාවය ගොඩනගා කෝසයින තිටා ඉවත් කරන්න .බොහොමයක් දරුවන අවසන් පෙන්වීමට ඇති ප්‍රතිඵලය හොඳින් නිරීක්ෂණය නොකරයි .මනික්ගලට පයින් ගසන කනයා බඳුය .අතිශය අවාසනාවකි.පිළිතුර දී ඇත .කලයුතු වන්නේ එයට යායුතු නිවැරදි මාර්ගය සැකසීම පමණි. ඉතින් අවසාන අසමානතාවයෙහි තිඉට නැත එඔස්සේ තිඉටා ඉවත්වීමට තිට මත පදනම් වූ අවශ්‍යතාවයක් ගැන සිතන්න .
(බොහෝදෙනා බලත්රිකොන ප්‍රමේය සහ සයින ප්‍රමේය පටලවාගේනතයි සිතේ මෙය වෙනයම් ක්‍රමයකින්ද ලබාගැනීමට උත්සාහ කරන්න ,ලාමිගේ ප්‍රමේය ලැබෙනුයේ බල ත්‍රිකෝණ ප්‍රමේය සහ සයින ප්‍රමේයයෙහි සුසංයෝගයකිනි ලාමිගේ ප්‍රමේය සත්‍ය වුද විලෝමය සත්‍ය නොවේ ,ඉදිරි දිගුවක මේ සියල්ල එකින් එක ඉඩක් ඇති පරිදි දිග හරිමි )
No comments:
Post a Comment